ඊයේ කොවිඞ් ආසාධිතයන් 719 න් 182 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්

2021-01-17 at 09:35

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඞ් ආසාධිතයන් 719 දෙනා අතුරින් 182 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කොළඹින් 152 ක් / මහනුවර 75 ක් / කලුතර 43 ක් / මාතලේ 37 ක් / පුත්තලමේ 22 ක් / ගාල්ලේ 20 ක් සහ කෑගල්ලේ 18 ක් ඊයේ ආසාධිතයන් අතර වුණා.

රත්නපුර 15 ක් / ත්‍රිකුණාමලයේ 11 ක් / නුවරඑළියේ 11 ක් / මාතර 10 ක් / මඩකලපුවේ 10 ක් සහ පොළොන්නරුවේ 07 ක් ද ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල 07 ක් / වව්නියාවේ 04 ක් / බදුල්ලේ 03 ක් / මන්නාරමේ 02 ක් / හම්බන්තොට 01 ක් මෙන්ම විදේශයන්ගෙන් පැමිනි 04 දෙනෙකුද ඊයේ මෙරට ආසාධිතයන් අතරට අයත්.