ඊයේ වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

2021-04-08 at 08:52

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයන් 221 දෙනා අතරින් වැඩිම පිරිස වන 54 වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කලුතර 12 ක් / මහනුවර 16 ක් / රත්නපුර 29 ක් / ගාල්ල 08 ක් හා මාතර 05 ක්ද ආසාදිතයන් අතරට අයත්.

කෑගල්ලෙන් මඩකලපුවෙන් හා මාතලෙන් ආසාදිතයන් එක් අයෙක් බැගින් / ගම්පහ / කුරුණෑගල / අම්පාර / හම්බන්තොට දිස්ත්‍රික්වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් වාර්තා වුනා.

යාපනයේ 46 ක් / මොනරාගල 3 ක් / කිලිනොච්චිය 6 ක් හා විදෙස්ගතව සිටි පැමිණි 31 ක්ද ආසාධිතයන් වශයෙන් හදුනාගැනුනා.