ඊයේ ශ්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාධිතයන් 692 ක් – මරණ 03 ක්

2021-01-14 at 06:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවු මුලු කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 50 000 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 692 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඉන් 687 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වන අතර මේ අනුව එම පොකුර දැනට පවතින්නේ 46 දහස් 457 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයින් ගණන 50 දහස් 229 ක් බවට පත්වුයේ විදෙස්ගතව සිට පැමිණි 05 දෙනෙකුද වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙනුයි.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6718 ක්.

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43 දහස් 267 ක්.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිත මරණ 03 ක් ඊයේ වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඞ් ආසාධිත මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගියා.

බත්තරමුල්ලේ පදිංචි 66 හැවිරිදි අයෙකු හෝමාගම මූලික රෝහලේදීද / කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි අයෙකු අයි ඩී එච් රෝහලේදීද / කොළඹ 10 ප්‍රදෙශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක කොළඹ ජාතික රෝහලේදීද මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

කොවිඞ් නියුමෝනියාව / හෘද රෝගී තත්වයන් සහ ශ්වසන පද්ධතියේ ආසාධනයක් මෙම මරණවලට හේතුවී තිබෙනවා.