උතුරු මුහුදට හොරෙන් ආ අමුත්තෝ 6ක් නේවි දැලේ

2019-07-12 at 15:18

නීති විරෝධී ආකාරයෙන් මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිඛෙනවා.

උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර ඉන්ධීය ධීවරයන් 5දෙනෙකු සහ වයස අවුරුදු 12ක බාල වයස්කාර දරුවෙකු සිටින බවයි නාවික හමුදාව සදහන් කළේ.

වෛද්‍ය පරික්ෂණයකට භාජනය කිරීමෙන් පසු මෙම පිරිස යාපනය ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

Please follow and like us: