උතුර ගැන ඇමති පාඨලීගෙන් අනතුරු ඇගවීමක්

January 11, 2019

දේශගුණ විපර්යාස යටතේ දරුනු පීඩනයකට උතුරු පළාත මුහුණදෙමින් සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨඨී චම්පික රණවක මහතා පවසනවා.

ඉදිරි වසර 30 හෝ 40 ක කාලය තුලදී උතුරු පළාත අර්ධ කාන්තාරයක් බවට පත්වීමේ අවධානමක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් කමිටු වාර්තාව අද ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී ඒ පිලීබද පැවති විවාදයේදී අදහස් දක්වමින් පාඨඨී චම්පික රණවක මහතා මේ බව කියා සිටියා.