උතුරේ විශාලතම ජලාශය ජනතා අයිතියට

December 7, 2018

ප්‍රතිසංස්කරණය කරන ලද කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරුනා. උතුරු පළාතේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ 2015වසරේදීයි.

අක්කර විසිඑක්දහසක භූමි ප්‍රමාණයක විහිදී ඇති ඉරණමඩු ජලාශය මගින් පවුල් නවදහස් 180 කට සෙත සැලසෙන අතර යල මහ දෙකන්නය ගැටලුවකින් තොරව වගා කිරීමේ හැකියාවද පවතිනවා.

ජලාශය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු අදහස් දැක්වූ ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ උතුරේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීමටද මෙමගින් විශාල ශක්තියක් ලැඛෙනු ඇති බවයි.