උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

2020-02-15 at 12:25

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු නිව්ස් රේඩියෝවට කියාසිටියේ ඊයේ රාත්‍රියේ වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි ඊයේ රාත්‍රියේ නියෝග කලේ.

පොලිසිය පැවසුවේ පැවති නිදහස් සන්ධාන රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බවයි.