එංගලන්ත ක්‍රීඩකයා හරහා නව කොරෝනාව මෙරට සමාජයට එන්නේ නැහැ

2021-01-14 at 13:47

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙක් ලෙස මෙරටින් හදුනාගැනුනු විදෙස් ජාතිකයා හරහා එම වෛරසය සමාජයට ඇතුල්විමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා කියා සිටියේ ටෙස්ට් තරගාවලියක් සදහා පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙම නව ප්‍රබේදයේ ආසාදිතයෙක් බවට හදුනාගෙන ඇති බවයි.

අදාල ආසාදිතයාට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි සිදු කෙරෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සුදත් සමරවිර මහතා ප්‍රකාශ කළේ.