එජාප අර්බුදයෙන් ආණ්ඩුවට වාසියි – ළගදීම කට්ටියකුත් එයි

2020-02-15 at 14:43

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුලුල් සන්ධානය ගොඩනැගීමේදී මතුවන ගැටලු මිත්‍රශීලීව විසඳා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.

මහනුවර අද පැවති වැසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තාමානය වන විට දියණු ඩිජිටල් පක්ෂයක් පවට පත්ව ඇති බවයි එස් බී දිසානායක මහතා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදකාරී තත්වය ආණ්ඩුවට වාසි සහගත බවත් ඒ හරහා ඇතැම් පිරිස් මේ වන විට ආණ්ඩුව සමග එකතුවෙමින් සිටින බවත් එස් බිී දිසානායක මහතා ප්‍රකාශ කළා.


Phasellus Praesent commodo Lorem accumsan ipsum dictum tempus libero