එජාප ගැටලු අදින් අවසන්

2020-02-14 at 17:22

එක්සත් ජාතික පක්ෂයේ සියලු ගැටලු අද දිනය තුල අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට නම් පක්ෂයේ සියලු ගැටලු කඩිනමින් අවසන්විය යුතු බවයි.

ආණ්ඩුවේ බරපතල බෙදීම් පවතින බවත් ඒවා ඉදිරියේදී සියලු දෙනාට දැක ගත හැකි වනු ඇති බවත් විජිත් විජයමුනි සොයිසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා

 


eget elit. Lorem Sed velit, elementum