එජාප නායකට සහය පල කරන යෝජනාව ලබන බදාදා පාර්ලිමේන්තුවට

2018-12-07 at 12:24

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යලි අග්‍රාමාත්‍ය ධූරයට පත් කල යුතු බවට වන යෝජනාවක් ලබන බදදා දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විසින්.

අරලිය ගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට සූදානම් වන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසීමක් කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.