ඔක්ස්ෆර්ඞ් එන්නත ලංකාවට ගේන්න තියෙන ඉඩ වැඩියි

2021-01-14 at 17:05

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා බොහෝවිට මෙරටට ආනයනය කරනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඞ් එන්නත බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඉතා සෞඛ්‍යාරක්ෂිතව සහ නිසි ප්‍රමිතියකින් එම එන්නත නිෂ්පාදනය කරන බවට වන සහතිකයක් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා කියා සිටියේ.