ඕනම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කිරීමේ බලය අපිට තියෙනවා

2019-03-15 at 18:02

ඕනම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කිරීමේ බලය අපිට තියෙනවා.

කණගාටුවෙන් වුණත් කියන්න. ඕන තාමත් 2008 ඉදලා මේ රටේ ප්‍රධානතම ආදායම විදේශ ගත කාන්තාවන් එවන මුදල් බවට පත් වෙලා තියෙනවා.

නීතිපතිනියක් අගවිනිසුරුවරියක් ඇමතිවරියන් ජනාධිපතිනියක් ලෝකයේ ප්‍රථම අගමැතිනිය‍ බිහි වුනු අපේ රටේ කාන්තාවන් බෙදා වෙන් කරන්න සමහර අය උත්සාහ කරනවා.

අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය හා ජාතික සමුපකාර කාන්තා කමිටුව එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය හා සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමේ උත්සවයට කොළඹ  ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලීය ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ (2019.03.15) පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ  අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

සාම විනිසුරු තනතුර කියලා කියන්නේ ගෞරවණිය තනතුරක් උගත්කම වගේම වගකීම ඉදිරිපත් වීම අවංකකම අපි සාම විනිසුරු තනතුරු ලබාදීමේදී සළකලා බලනවා.ඕනම අවස්ථාවක තනතුර අහෝසි කිරීමේ බලය අපිට තියෙනවා.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැදුනුම්පතක් හදා ගන්න ගියත් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාස් පෝට් එකක් හදා ගන්න ගියත් ඔබගේ අත්සන වැදගත් වෙනවා.ඒ නිසාම ඔබ සාම විනිසුරු තනතුරේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි.අපිට නිර්ණාමික ලිපියක් එවුවත් අපි සාම විනිසුරුවරුන් පිළිබදව හොයලා බලනවා.ඔබට වගකීමක් තියෙනවා ගෞරවණිය තත්වයකින් යුතුව එය කරන්න විශේෂයෙන් අද මේ සාම විනිසුරු තනතුරු උතුරු නැගෙනහිර පළාත්වලටත් එක්ක ලබාදීම පිළිබදව සතුටු වෙනවා.ඒ අය වසර ගණනාවක් පීඩාවට පත් වෙලා අද ඒ පළාත්වල සාම විනිසුරුවරුන් අඩුයි.

මේ තනතුරේ තත්වය ශීලාචාරකම අවංකකම ආරක්ෂා කර ගෙන මේ වගේ වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.කාන්තාවකට තනතුරක් එහෙමත් නැත්නම් රැකියාවක් ලැබෙන කොට සමහර අය හිතනවා කරන්න බැහැ කියලා .එහෙම දෙයක් නැහැ.කාන්තා නීතිපතිනියන් අගවිනිසුරුවරියන් ඇමතිවරියන් බිහිවෙලා තියෙනවා .ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වුණෙත් අපේ රටේයි.ජනාධිපතිනියක් බිහි වෙලා තියෙනවා.මේ විදිහට බිහි වුනු අපේ රටේ කාන්තාවන් බෙදා වෙන් කරන්න සමහර අය උත්සාහ කරනවා .සමහර අය හිතනවා කාන්තාවන් පිරිමින්ට පිටු පසින් ඉන්න ඕන කියලා අපිට සම අයිතිය නොවෙයි නිසි තැන ලැබුණහම ඇති.පළාත් පාලන ආයතන ඡන්දයක් ආවහම ඒකට ඉල්ලන්න ගියහම කාන්තාවන්ට විවිධ බාධා තියෙනවා.

නොයෙකුත් අවතක්සේරු කරන්න හදනවා .අපි ජාතියක් ලෙස ආගම් ලෙස අපි අතර ඇති බෙදීම් කුහක කම් වෙනස් කර ගත යුතුයි.අපේ මෙවර අය වැයෙන් එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක වෙනවා.ඒ මගින් කාන්තාවන්ට ණය ලබා ගන්න පුළුවන් ක්‍රම ඇති කරලා තිබෙනවා.අද උද්ඝෝෂණවල ඉදිරියට කාන්තා පොලිස් නිලධාරීනියන් දාන්නේ ඇයි කියලා අහනවා සමහර රටවල කාන්තා පොලිස්පතිනියන් ඉන්නවා.අපි කාන්තාවන් අවතක්සේරු කරන්න ඉඩ දෙන්නේ නැහැ.කාන්තාවක් ලෙස මවක් ලෙස අපි වගකීම ඉටු කළ යුතුයි සමහර අය ගෙදර ප්‍රශ්නයක් තිබුණහමත් රජයට බනිනවා.කණගාටුවෙන් වුණත් කියන්න. ඕන තාමත් 2008 ඉදලා මේ රටේ ප්‍රධානතම ආදායම විදේශ ගත කාන්තාවන් එවන මුදල් බවට පත් වෙලා තියෙනවා.ඒ විදේශගතවීම නිසාම ඒ පවුල් විශාල කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා .විදේශ ගත වන කාන්තාවන් පිළිබදව විදේශගතවීම පිළිබදව සිතුටු වෙන්න බැහැ.කාන්තාවන් විදේශ ගතවීම නිසා විශාල හානියක් ඒ අයට මෙන්ම පවුල්වලට වෙලා තිබෙනවා.එදා ඇගලුම් කර්මාන්ත ශාලා ඇති කරලා ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ ගමේ කාන්තාවන්ට රැකියාවක් කර ගෙන ඉන්න වැඩ පිළිවෙළක් හැදුවා.මේවා කඩා වැටෙන කොට කාන්තාව රට යන්න ගත්තා ඒත් සමගම පවුල කඩා වැටෙන්න ගත්තා තාත්තා දුව හදුනන්නේ නැති තැනට ආවා.කාන්තා දිනය සමරන විට අපේ රටේ කාන්තාව පිළිබදව සතුටු විය හැකිද යන්න පිළිබදව සොයා  බැලිය යුතු යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

සමුපකාර සංවර්ධන කොමසාරිස් එස්.එල්.නසීර් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලීය සභාපති ලලිත් පීරිස් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලීයේ ප්‍රධාන විධායක නිලධාරී පී.ඩී.ලියනගේ  ජාතික කාන්තා සවිය සභාපතිනී ප්‍රිමා ශාන්තා සුරිය ආරච්චි යන මහත්ම මහත්මීන් හා දිවයිනම ආවරණය වන පරිදි ජාතික කාන්තා සවිය කමිටු සාමාජිකාවන් ද මෙම අවස්ථාවට එක් විය.

මෙහිදී ජාතික කාන්තා සවිය කමිටු සාමාජිකාවන් ඇතුළු 49 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබාදීම සිදු විය.