කටාන කෝටි 3 හොරු අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායම් 6ක්

2020-10-01 at 09:46

කටාන අක්කරපහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් කෝටි 3 ක පමණ මුදල් සහ රන්භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාල විමර්ශණ කටයුතු සදහා පොලිස් නිළධාරීන් 60 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පත්කර තිබෙනවා.

ඊයේ අදාල ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි කොල්ලකරුවන් විසින් ගිනිඅවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

කටාන පොලීසියේ උසස් නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ සිද්ධියේ මූලික පරීක්ෂණ සදහා ව්‍යාපාරිකයාගේ නිවසේ හා ඒ අවට ඇති සීසීටීවී කැමරා දර්ශණ උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.