කටාර් සහ UAE සිට ලාංකිකයන් 167 දෙනෙකු කටුනායකට

2020-11-22 at 06:27

මැදපෙරදිග රටවල් දෙකක රැකියා සදහා ගොස් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල  රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත 11/21 දින මධ්‍යම රාත්‍රී සහ  11/22 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 න් පැමිණ තිබුණි.
11/21 දින මධ්‍යම රාත්‍රී 11.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 68 දෙනෙකු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
11/22 දින  අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
11/22 දින අලුයම 3.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස කොළඹ නවලෝක , ලංකා සහ ආසිරි යන පෞද්ගලික රෝහල් වල කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.