කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් කොරෝනා ආසාදිත 337 ක්

2020-10-24 at 06:49

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ කොරෝනා වෛරසය ආසාදිත සේවකයින් 06 දෙනෙකු හමු වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම කලාපයෙන් තහවුරු වී ඇති කොරෝනා ආසාදිත සමස්ත සේවක සංඛ්‍යාව 337 ක්.

මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ වෛරසය ආසාදිත රෝගීන් හමුවී ඇත්තේ එක් අයෙකු පමණයි.

ඊයේ දිනයේ කොට්ඨාශය තුළ පී.සී.ආර් පරීක්ෂණ 535 ක් සිදුකල බවයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා කියාසිටියේ.