කල්පිටිය වෙරළ තිරයේ දී රත්‍රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

2019-12-10 at 16:44

GOLD BISCUIT

කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්‍රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කුඩාව , පුදුකුඩුරිප්පු , කුරිඤඤංපිටිය ඇතුළු ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 4 දෙනෙකුයි.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබිණි.

අත්අඩංගුවට ගත් රත්‍රන් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නැති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.