‘කලු මල්ලී’ රඳවා ප්‍රශ්ණ කරයි – මාස 3ට කෝටි 4ක් බැංකු ගිණුමේ

2020-07-10 at 15:51

පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති රොහාන් ප්‍රදීප් හෙවත් කලු මල්ලී නමින් හඳුන්වන සැකකරු ලබන 15 වනදාතෙක් රඳවා ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර දී තිඛෙනවා.

සැකකරු අද ඉදිරිපත් කෙරුණේ අලුත්කඩේ අංක 8 මහේස්ත්‍රාත් අදිකරණයටයි. එහිදී පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දින 5ක් රඳවා ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දුන්නා.

කලු මල්ලී නමින් හඳුන්වන මෙම සැකකරු කොස්ගොඩ තාරක නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන බව අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවතින බව විමර්ශණවලදී අනාවරණ වී තිඛෙනවා.

එමෙන්ම පසුගිය මාස 3 ඇතුලත රුපියල් කෝටි 4කට අධික මුදලක් මොහුගේ බැංකු ගිණුම ඔස්සේ සංසරණයවී ඇති බව විමර්ශණවලදී අනාවරණ වූ බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්ගොඩ තාරක නැමති අපරාධකරුගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද රොහාන් ප්‍රදීප් හෙවත් කලු මල්ලී නමින් හඳුන්වන මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ලවී තිඛෙනවා.