කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීම : බස්නාහිර පළාත් RDA ඉංජිනේරුවරයාට ඇප

2020-11-25 at 14:57

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමනාකාරවරයෙකුද වන ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

ගම්පහ අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 02 ක ඇපයක් මත සැකකරු මුදා හැරීමටයි.

ඔහු මේ වනවිට වැඩ තහනමකටද ලක් කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී රජය සඳහන් කලේ.

එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම අදාළ නිළධාරිනිය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි අදාළ ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කලා.