කාළගුණය වෙනස් වෙයි – හෙට සිට වැසි සහ සුළං වැඩිවීමක්

2020-02-10 at 16:37

හෙට සිට දිවයිනේ පළාත් රැසකට වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර / මධ්‍යම / සහ ඌව පළාතවලත් හම්බන්තොට පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාළගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

බස්නාහිර / සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු / නැගෙනහිර / උතුරුමැද / සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවයි කාළගුණ වාර්තාවේ දැක්වෙන්නේ.


dictum Aenean elementum nec vel, tempus massa fringilla dapibus eget