කැකිරාව අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක් – අ’පුර SP අධීක්ෂණය යටතේ විමර්ශණ – රස පරික්ෂකත් ගෙන්වයි

2019-09-12 at 13:37

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය තුල ගින්නක් හටගෙන තිඛෙනවා.

අද පෙරවරු 11යි 45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

ගින්නට හේතුව සහ ඉන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී වරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා තිඛෙනවා.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය තුල හටගත් මෙම ගින්න පිළීබඳ පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයාද පැමිණීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.