කැපුම් තුවාල සහිතව මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි

2019-04-16 at 08:42

කැපුම් තුවාල සහිතව මියගොස් සිටි අඹුසැමි යුවළකගේ මළ සිරුරු ගලේවෙල දේවහූව ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිඛෙනවා.

ගලේවෙල පොලිසිය පැවසුවේ මෙය ඝාතන ලෙස සළකා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මියගිය දෙදෙනාගේ වයස හෝ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.