කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකට පිහියෙන් ඇන්න පෙම්වතා අත්අඩංගුවට

2019-06-13 at 09:57

කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අද පෙරවරුවේ කැළණිය විශ්ව විද්‍යාලය අසලදී මෙම පිහිඇණුම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ සිසුවිය ප්‍රතිකාර සදහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

ඇය 21 වන වියෙහි පසුවන අතර ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයා 22 හැවිරිදි වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ කිරිබත්ගොඩ පොලිසියයි.

Please follow and like us: