කිලෝ 3 ක අයිස් බවට සැක පාර්සල් 3 ක් නැගෙනහිර මුහුදේ

2020-02-14 at 18:16

ත්‍රිකුණාමල වෙරලේ සිට මුහුදු සැතපුම් 180 ක් පමණ නැගෙනහිර මුහුදු සීමාවේ පාවෙමින් තබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරන පාර්සල් 03 ක් ධීවරයින් පිරිසක් විසින් නාවික හමුදා නිලදාරීන්ට භාරදී තිබෙනවා.

තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ බෝට්ටුවක සිටි ධීවරයන් පිරිසක් විසිනුයි මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 සොයාගෙන තිබුනේ.

අදාල ධීවරයින් භාර දුන් පාර්සල් 03 නාවික හමුදාව විසින් තංගල්ල පොලීසියට භාරදී තිබෙනවා.

මෙම පාර්සල් 03 හි අයිස් බවට සැකකෙරන මත්ද්‍රව්‍ය කිලෝ 03 යි ග්‍රෑම් 172 ක ප්‍රමාණයක් හමුව ඇති බවයි පොලිසිය සදහන් කලේ.

මේ සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ තංගල්ල පොලීසියයි.