කීත් නොයාර් නඩුව ගැන නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්

2019-09-12 at 15:36

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනගොස් පහරදිමේ සිද්ධියේ විමර්ශණ යටතේ නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී ඇති උපදෙස්වලට අදාලව ගෙන ඇති පියවර තමන් වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත දන්වා තිබෙනවා.

ඉදිරි පියවර ගැනීම සඳහා නිෂ්චිත කාල පරාසයක් සඳහන් කර එම කාලය තුල කිරීමට බලාපොරොත්තුවන විමර්ශණ කවරේද යන්න පිළිබඳවද තමන් වෙත දැනුම් දෙන ලෙසයි දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දන්වා ඇත්තේ.

2008 මැයි 22 වනදා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනගොස් පහරදිමේ සිද්ධියට අදාල විමර්ශණ සම්බන්ධයෙන් පසුගිය ජූලි මස 18වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  උපදෙස් තීතිබුණා.

එහෙත් එම විමර්ශණවල ප්‍රගතිය සහ ගෙන ඇති පියවර පිළිබඳ මේ වනතෙක් තමන් වෙත වාර්තා කිරීමට අපොහොසත්වීම අසතුටුදායක තත්වයක් බව දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත දන්වා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය නිවුස් රේඩියෝවට කියා සිටියේ.