කොටින් දෙදෙනෙකු මන්දකට හසුවී එක් කොටියෙකු මරුට

2020-06-23 at 14:18

පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේ වතුයායක අටවා තිබූ මන්දකට හසුවීමෙන් කොටියෙකු මරණයට පත්ව තිඛෙනවා.

එම ස්ථානයේදීම මන්දකට හසුව තුවාල ලබා සිටි තවත් කොටියෙකු පොලිසිය සහ වනජීවි නිළධාරින් විසින් බේරාගෙන ප්‍රතිකාර ලබා දී ඇති බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කළේ.

ලෝකයේ වෙසෙන කොටින් අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන කොටි විශේෂය මෙරට විශාලම විලෝපික සත්ව කොට්ඨාශයයි.

ශ්‍රී ලංකා කොටියා මෙරටට ආවේණික උප විශේෂයක් වන අතර එම සත්වයා සීඝ්‍රයෙන් වඳවීගෙන යන සත්වයෙක් ලෙසයි සැළකෙන්නේ.

මෙරට වෙසෙන දුර්ලභ ගණයේ කලු කොටියෙකු මන්දකට හසුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේද රටතුල විශේෂ අවධානයක් යොමු වුණා.