කොරෝනා දෙවන රැල්ලක් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් යලි අනතුරු ඇගවීමක්

2020-07-10 at 17:13

මෙරටතුල කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

යළිත් වරක් කොරෝනා වෛරසය මෙරට සමාජය තුල ව්‍යාප්තවීමේ ලකුණු පෙන්නුම් කර ඇති අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් නිසිලෙස අනුගමනය නොකරන්නේනම් එමගින් දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.

එම මාධ්‍ය හමුවේදී වත්මන් තත්වය පිළිබඳව වැඩිදුරටත් කරුනු පැහැදිලි කළ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දැනට සිදුකෙරෙන පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා. දිනකදී සිදුකරන පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව කඩිනමින් වැඩි කරන ලෙසයි ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේ.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද මෙහිදී අදහස් දැක්වුවා.