කොරෝනා නව ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම් විරහිතව කටයුතු කරන බවට චෝදනා

2021-01-14 at 07:00

නව කොරෝනා වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම් විරහිතව කටයුතු කරන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල පැතිර යන භයානක නව වෛරස ප්‍රභේදය මේ වනවිට එංගලන්තයෙන් බාහිර රටවලට ද පැතිර ගොස් ඇති නිසා මෙරටට පැමිණෙන සියලූ සංචාරකයින්ට මෙම නව ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂක අනුක්‍රමික පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

එසේ නොවුනහොත් ශ්‍රී ලංකාව බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.