කොරෝනා බිහිවුනේ 1960 දී යැයි අනාවරණයක්

2020-11-14 at 16:11

කොරෝනා වෛරසය පිළිබද තොරතුරු මුල්වරට වාර්තා වී ඇත්තේ 1960 වසරේදී බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යා පාසලේ අංශ ප්‍රධානි ජානකි සේනානායක මහත්මිය පවසනවා.

සමාජ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ 1960 වසරේ සිට කොරෝනා වෛරසය විවිධ ආකාරයෙන් ක්‍රමිකව වසංගතයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

 

කොරෝනා වසංගතය ඇතැම් රටවලට ආවේණික වී එම රටවල සදාකල් පැවතීමේ අවධානමක්ද පවතින බවයි ජානකි සේනානායක මහත්මිය අවධාරණය කළේ.