කොරෝනා මර්ධනයට කිසිදු සාධනීය කරුණක් ඉටු කර නෑ – ප්‍රකාශ විතරයි

2020-11-25 at 18:38

කොරෝනා මර්ධනයට අවශ්‍ය කිසිදු සාධනීය කරුණක් ඉටු නොකරන සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදි හුදෙක් ප්‍රකාශ සිදුකරන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්දන මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරොනා පරීක්ෂණ ප්‍රතිඑළ වාර්තාද දින ගණනාවක් ප්‍රමාද වන බවට චෝදනා පවතින බවයි.

වසරක් තුළ රට අසමත් ව ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.