කොරෝනා සුව වී ගෙදර ආ රාජ්‍ය ඇමති පියල් නිෂාන්ත කියූ කථාව

2021-01-28 at 15:01

කොරෝනා වෛරසය ආසාදනයවී සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා ඇතුලු පවුලේ සාමාජිකයින් පූර්ණ සුවය ලබා බේරුවල පිහිටි සිය නිවසට පැමිණ තිබෙනවා.

තවත් දින කිහිපයක් ස්වයං නිරෝදායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති බවත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් නිරෝගී තත්වයෙන් පසුවන බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා නිවුස් රේඩියෝවට කියා සිටියා.