කොල්ලුපිටිය Crime OIC ට කොවිඞ් නෑ – PCR වාර්තාව එයි

2020-11-26 at 21:16

අද පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අසලදී මියගොස් සිටි කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඞ්-19 වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පී සී ආර් පරික්ෂණ ප්‍රථිඵල වාර්තාවෙන් එය අනාවරණ වී ඇති බවයි.

මියගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව මරණයට හේතුව නිශ්චිතව තහවුරු කරගැනීමට හැකිවනු ඇති බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ.