කොවිඩ් එන්නත් ගබඩා කිරීමේ කිසිදු ගැටළුවක් නැහැ

2021-01-28 at 12:31

අද ශ්‍රී ලංකාවට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවි ෂීල්ඩ් එන්නත් නියමිත උෂ්ණත්වයේ පවත්වා ගැනීම කිසිදු ගැටලුවක් නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සදහන් කළේ.

මෙම එන්නත් ගබඩා කර තැබිමේදී එම උෂ්ණත්වය මැන බැලෙන යාන්ත්‍රණයක්ද මේ වන විට සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.