කොස්ගොඩ තාරකගේ ගෝලයා ‘කලු මල්ලී’ පොලිස් දැලේ

2020-07-10 at 11:14

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති කොස්ගොඩ තාරක නැමති සැකකරුගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ රොහාන් ප්‍රදීප් හෙවත් කලු මල්ලී නමින් හඳුන්වන සැකකරුවෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කොළඹ ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ නිළධාරින් කන්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්ගොඩ තාරක නැමති අපරාධකරුගේ සමීපතමයෙකු වන මෙම සැකකරු මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.