කොළඹ වරාය අවසන් හුස්ම හෙළමින් සිටියි – JVP

2020-11-24 at 11:43

කොළඹ වරාය අවසන් හුස්ම හෙලීමට ආසන්න වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීම සදහා ආණ්ඩුව පසුගිය දිනෙක කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගෙන ඇති බවයි පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවදිී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා අනාවරණ කළේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පවරා දුනහොත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන ආදායම සම්පූර්ණයෙන් අහිමිවීමේ අවදානමක් පවතින බවද කේ ඩී ලාල්කාන්ත මහතා මෙහිදී පෙන්වා දුන්නා.