කොළඹ වරාය වහල කියන කථා බොරුවක්

2020-10-18 at 06:48

සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් කොළඹ වරායේ කොටසක් වසා දමා ඇති බව සඳහන් කරමින් ප්‍රචාරයවන තොරතුරු අසත්‍යය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කලේ වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශවල කටයුතු මේවනවිට කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කොළඹ වරායේ නැව් තටාංගනයේ සේවකයන් දෙදෙනෙකුට බවත් අදාල සේවකයන් දෙදෙනා රාජකාරී කල ස්ථානය පමණක් තාවකාලිකව වසා දමා ඇති බවත් වරාය අධිකාරිය දැනුම් දෙනවා.

නිසි ලෙස කරුණු තහවුරු කර ගැනීමෙන් තොරව තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි වරාය අධිකාරිය වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.