කොළඹ 5000 දීමනාව ගැන ගැටලු නැහැ – දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති

2020-11-22 at 06:41

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 සහනාධාරය ලබාදී මේ වැඩපිළිවෙලට අදාලව කිසිදු ගැටලුවක් උද්ගතව නැතැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසනවා.

සෞඛ්‍ය නිර්දේශ මත එය ක්‍රියාත්මක වන බැවින් අධියර වශයෙන් වැඩසටහන බලාත්මක කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විපක්ෂයේ පිරිස් මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදි එල්ල කල චෝදනා පිළිබඳවද නිව්ස් රේඩියෝ කල විමසීමකදී ප්‍රදීප් උඳුගොඩ මහතා මෙලෙස අදහස් පළ කළා.