කෝටි 10 ක රත්‍රං කිලෝ 14 ක් සමග 2 ක් නාවික හමුදා අත්අඩංගුවට (PHOTOS)

2020-02-15 at 10:13

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

මාදගල් මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණනොතකා යාත්‍රා කර ඇත.

ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට ගන්නා ලදි. එහිදි සිදු කළ සොද්සි මෙහෙයුමේදී මෙම රත්‍රං සහිත පාර්සලය සොයා ගන්නා ලදි.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කොටි 10 කට ආසන්න වෙතැයි ගණන් බලා ඇත.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.


ut mi, in sit ante. dapibus nunc