කෝටි 4ක රත්‍රන් සමග 9දෙනෙක් රේගු දැලේ

2019-03-20 at 19:35

රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමින් යුත් රත්‍රන් තොගයක් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ආ සැකකරුවන් 9දෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 6දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර සෙසු සැකකරුවන් ශ්‍රී ලාංකිකයන් බවයි ගුවන්තොටුපල රේගුව සදහන් කළේ.

මොවුන් සූක්ෂම ආකාරයෙන් සගවාගෙන රැගෙනවිත් තිබූ රත්‍රන් තොගය කිලෝ 5කට අධික බවද රේගුව සදහන් කළා.

ගුවන්තොටුපල රේගුව මේ සම්බන්ධයෙන් ැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.