ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 1594 ක්

2020-10-18 at 07:13

මිනුවන්ගොඩ කොරෝනා පොකුරත් සමග වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19 ක ඇඳිරිනීතිය ක්‍රියාත්මක අතර ඊයේ (17) සවස වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා රෝගීන් 1594 දෙනෙකු වාර්තා වී තිබූ බවයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.