ග්‍රෑන්ඞ්පාස් මහවත්ත සුසාන භූමියේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රබල පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙක්

2020-08-02 at 11:04

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග ග්‍රෑන්ඞ්පාස් මහවත්ත පොදු සුසාන භූමියේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින තෝලකමුදලිගේ චාමර සම්පත් රුද්‍රිගෝ යන අයගේ සමීපතම සාමාජිකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

30 හැවිරිදි මෙම සැකකරු කොළඹ 15 හේනමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයින් තුන් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අද අලුත්කඬේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ ග්‍රෑන්ඞ්පාස් පොලීසියයි.