ගාල්ල වරායේ ධීවර කාර්මිකයකු හෘදයාබාධයකින් මිය යයි – PCR පරීක්ෂණයකුත්

2020-10-24 at 09:46

ගාල්ල ධීවර වරායේ සිටි ධීවර කාර්මිකයකු රෝගිවී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තෙ අක්මීමන, බටදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 වන වියේ පසු වූ පුද්ගලයෙක්.

මේ සම්බන්ධයෙන් නිවුස් රේඩියෝ කළ විමසීමකදී ගාලු වරාය පොලීසියේ උසස් නිලධාරියකු පැවසූවේ ඊයේ දිනයේදී අදාළ පුද්ගලයා වරාය පරිශ්‍රයේදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර බවයි.

ඉන්පසුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ධීවරයා මියගොස් ඇති බවත් පී සී ආර් පරීක්ෂණ සඳහා ඔහුගේ සිරුරෙන් සාම්පල් ලබා ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙදිී සිදුකිරීමට නියමිතයි.