ගොතටුව සහ මුල්ලේරියාව ට අද රාත්‍රී 07 සිට ඇඳිරි නීතිය

2020-10-24 at 15:22

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රි 7 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සැළකිල්ලට ගෙන ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන බවයි පොලි්ස මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ පොලිස් වසම් 51 ක මේවනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.