ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා

2019-08-16 at 14:59

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පුරවැසිභාවය ඉවත් කර ගත් බව දැක්වෙන ලේඛණ නිසි කළට ඉදිරිපත් කරන බවයි. පාර්ලිමෙන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාද මෙහිදී අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී කොටස් 3 කට බෙදී වෙන්වනු ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා