Update: ඝෝඨාභයට මාසයකට රට යන්න අධිකරණයෙන් අවසර

2018-11-09 at 10:44

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ඝෝඨාභය රාජපක්ෂ මහතාට ලබන දෙසැම්බර් 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදෙස් ගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර දී තිඛෙනවා.

ඒ අනුව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය මුදාහරින ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඝෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වීරකැටිය ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුව ලබන දෙසැම්බර් 4 වනදා සිට විභාගයට ගැනීමට නියමිතයි.

ඊට අදාළ ලේඛන සලකා බැලීම සඳහා නඩුව ලබන 27 වනදින නැවත කැඳවන ලෙසටයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දිනයේදී නියෝග කර ඇත්තේ. (Update 2)

———————————————————————————————————————————————————————————–

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණ තිඛෙනවා. ඒ වීරකැටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත එරෙහි පවරා ඇති නඩුවට පෙනී සිටිමටයි.  (Update 1)