ඝාතන කුමන්ත්‍රණ කථා ප්‍රබන්ධයක් – සෝභිත හිමි සමරුවේදී ජනපතිට දොස්

November 9, 2018

අනපේක්ෂිත ආකාරයෙන් පසුගිය 26 වනදා සිදුවූ දේශපාලන වෙනස ක්ෂණිකව සිදුවූවක් නොවන බව සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ තුන්වන ගුණානුස්මරණ උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය භාරගැනීම ජනවාරි 8 ජයග්‍රහණයේ සියලු පොරොන්දු විනාශ වූ පළමු අවස්ථාව බවයි සරත් විජේසූරිය මහතා පෙන්වා දුන්නේ.

මාදුලුවාවේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් තමන් සමග කල සංවාදයක්ද සරත් විජේසූරිය මහතා මෙහිදී සිහිපත් කළා.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ මාතෘකාව සම්පූර්ණ ප්‍රබන්ධයක් යැයි තමන් විශ්වාස කරන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම වත්මන් දේශපාලන අර්බුදය ශිෂ්ඨ සම්පන්නව පාර්ලිමේන්තුවේදී විසදා ගන්නා ලෙසටද ඔහු ඉල්ලීමක් කළා.