චීන – අමෙරිකා නියෝජිතයන්ගෙන් පසු ඉන්දු ආරක්ෂක උපදේශක හෙට ලංකාවට

2020-11-26 at 16:57

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බව හින්දු පුවත්පත වාර්තා කරනවා.

ඉන්දියාව – ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වෙන ත්‍රෛයිපාර්ශවික සාකච්ඡාවකට සහභාගීවීමයි එහි අරමුණ වන්නේ.

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඞ් ඩිඩි ද හෙට දිවයිනට පැමිණිමට නියමිත බව හින්දු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලට එක්වනු ඇති.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා මෙම වසර තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙයයි.

පසුගිය ජනවාරි මාසයේදීද ඔහු මෙරට සංචාරයක නිරත වුණා.

පසුගිය මාස 02 තුළදී චීන සහ අමෙරිකානු ඉහළම නියෝජිතයන්ද මෙරටට පැමිණ රජයේ ඉහළම පාර්ශව සමග සාකච්ඡාවල නිරතවීමෙන් පසුවයි ඉන්දීය රජයෙන්ද ඉහළම නියෝජිතයෙකු හෙට මෙරටට පැමිණෙන්නේ.