ඡන්ද පොළ සුරක්ෂිතයි – ඇවිත් ඡන්දය දාන්න – මැ.කො

2020-06-30 at 18:45

Mahinda_Deshapriya

සෞඛ්‍ය කේෂත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සදහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජූලි 13 නම් කර තිඛෙනවා.

ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව උදාවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ.

මැතිවරණ කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගනන් කිරීම අගෝස්තු 06 වැනිදා උදාසන 8 ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. .

පළමු නිළ ඡන්ද ප්‍රතිඑලය එදින පස්වරු 4 ට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි යන්න මැතිවරණ කොමිසමේ අපේක්ෂාවයි

ඡන්ද පොළ වෙනත් ඕනෑම පොදු ස්ථානයකට වඩා සුරක්ෂිත බැවින් නොබියව ඡන්දය දීමට පැමිණෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

 

මේ අතර මහ මැතිවරණයට අදාල ප්‍රචාරක රැළි වලට සහභාගී කර ගත හැකි පුද්ගලයින් සිය දෙනාගේ සංඛ්‍යාව 500 දක්වා ඉහල දැමීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජෙනරාල්වරයා තීරණය කර ඇතැයි ආරංචියක් පවතින බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා නොගත් බවට ඇතැම් දේශපාලඥයින් එල්ල කරන චෝදනා පිළිබදවද මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා