ජනපතිගේ අමාත්‍යාංශ දෙක හැර සෙසු සියල්ල අකර්මන්‍ය වෙලා

December 7, 2018

ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ දෙක හැර අනෙකුත් සියලුම අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන මේ වන විට අකර්මන්‍ය වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියා හේතුවෙන් හටගත් දේශපාලන අර්බුදය මේ වන විට ඉතා බැරෑරුම් තත්වයකට පත්ව ඇති බවයි.

දේශපාලන අර්බුදය හේතුවෙන් විවිධ අංශවල දීර්ඝකාලීන පාඩුවක් සිදුවන බැවින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් දේශපාලන අස්ථාවර භාවය අවසන් කිරීමට ජනාධීපතිවරයා කටයුතු කල යුතු බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියේ.