ජනපතිගේ නම විකුණා කප්පම් ගැනීමට තැත් කල දෙදෙනෙක් පොලිස් දැලේ

2020-10-18 at 10:11

ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පෝලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කපුවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් පෞද්ගලික ඉඩමක පැවැති ආරවුලක් විසඳා දීම සඳහා ජනාධිපතිවරයා හරහා එය කඩිනමින් විසඳීමට රුපියල් ලක්ෂ 15 ක මුදලක් සැකකරුවන් විසින් ඉල්ලා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල ව්‍යාපාරිකයා මේ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වෙත දැනුම් දීමෙන් පසුව සූක්ෂම ආකාරයෙන් සිදුකල වැටටීමකදීයි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොවුන් දෙදෙනා දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ සහ කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් මේ ආතාරයෙන් තවත් පුද්ගලයන් රවටා මුදල් වංචා කර ඇත්දැයි සොයාගැනීම සඳහා මේවනවිට දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.